Sunday, December 2, 2012

කණාමැදිරියෙක්මි....

කණාමැදිරියෙක්මි.... ඔබ අලු මඳ යැයි හැඟවූ.... 

කුමුදුනියේ...... සියුමැලියේ........
මඳ පවනේ තාලෙට නැලවුනේ
නුඹෙ වරුණයි මුලු විල් තෙරේ
නුඹෙ ගුණමයි මුව මුව දස අතේ

සඳ පෑයූවේ නුඹටම යයි සිතනු එපා
තරු මල් පිරිවර සමඟේ වැජඹෙනු දකිනු නියා
තරුපති බව නොදනුව නොසිතමි මන්දා
වළාකුලින් සඳ අවහිර කරනු කියා
තරහින් ඔහු දෙස බලනු එපා .....

බිඟු ගැයුවේ නුඹටම යයි සිතනු එපා
නුඹ රොන් ගන්නට ආ බිඟු පලවා හරිමු කියා
මඳ පවනත් හෙමිහිට හැමු හින්දා
විල් දිය රැළි නගමින සෙලවු හින්දා
ඔවුනට සැර දෙස තබනු එපා...                                                                                           සොනාර
                                                                                                                                 

Tuesday, October 23, 2012

කනාටු පොල් ගස

කනාටු පොල් ගස

ගම් මැද තැන්නේ පැතිරුණු ලන්දේ 
අපා දෙපා බහුපා සතගේ 
වාදන ගායන නැත අද පෙර සේ 
තනිකම පමනයි අද එහි ඇත්තේ 

පොළවේ රතු පස පිස දමමින්නේ 
වාසුළි මවමින් රඟ දෙන්නේ 
ගිනියම් ලේ රතු චන්ඩ මාරුතේ 
කෙලෙසද නුඹ මේ අඩුව මකන්නේ 

වන මැද දෑත් විදා දසතේ 
තම දරු කැල රකිනුව විලසේ 
පැතිරුණු අතු පතරින් යුතු ගොරකේ 
නැත අද නුඹ මේ මිහි මඬලේ 

යකඩ දසන් නියවා ගත් මුවිනේ 
කා දැමීය මුලු දෑ එසැනේ 
බද්දක මහිමෙන් මායිම අයිනේ 
කනාටු පොල් ගස ඉතිරි වුනේ 
                                                                                                                                         සොනාර 

Saturday, October 13, 2012

දේව දුතියේ......



මම

මම


ඇය සඳ වගේ        -       ඔහු කීවා.
ඔහු හිරු වගේ       -        ඇය කීවා.
සඳ සඳ වගේ         -        හිරු හිරු වගේ.
ඔහු ඔහු වගේ        -        ඇය ඇය වගේ.
තවකෙකු කීවා      -        මා අසා සිටියා.
සඳ  සඳ වගේවත්   -       හිරු හිරු වගේවත් 
ඇය ඇය වගේවත්  -       ඔහු ඔහු වගේවත්
නොවන බව          -       මම නොවන මට සිතුනා

සොනාර