Tuesday, August 25, 2026

මිරිඟුව


සිත දුරකට යාවිදෝ...

මිරිඟුව සොයලා...

සැනසෙන්නම් ආදරෙන්..

ඇස් දෙක නොතෙමා..


හිරු එළිය ලබාලා...

සඳ සිසිල ගෙනේවි..

කවදා හමු වේවිදෝ..

හිරු සඳු දෙදෙනා..


තරු එක දෙක වැටෙනා..

සඳ මැදියම අහසේ..

ලොබ නොබඳිනු කෙලෙසේ..

රැල්ලේ වෙරළම සිපිනා..

Saturday, January 17, 2026

ඇඳුරුදුනි.

                                                            ඇඳුරුදුනි.... 


නොලද ඇගයුම් - ඉරුණු සිතුවම් 

ගුරුන් පුද දී පලා යන්නම් 

නොවම් මූසිල - හඟීම් ගුත්තිල 

අඟුල්මල් නොව පලා යන්නම් 


සියුමැලි පහණක් හැඩ වෙනවා 

යක් කටුවක් මොට වී යනවා 

ලොවම නිවාලන මහා කුලුණු ගුණ 

දෙතිස් ලකුණු මතු වී එනවා 


සුවඳ මලින් ඉතිරී යනවා 

සුගඳ මුවෙන් මුව පැතිරෙනවා 

දෙනෝ දහක් අනිමිස ලොචන මැද 

පරිවර සමිදුන් බැබළෙනවා 


ගල් මිටි පහරක් හඬ දෙනවා 

සඳ කැන් වැගිරී සේදෙනවා 

පළුදුව අතරින් සැබෑ මෙතේ ගුණ 

නොඩුව තවමත් විහිදෙනවා 


                                                                                                                            සොනාර