කලි යුගය
කලි යුගය
ගොවියා
බත බුලත සැමහට නිති සපයාය
මයිනහමක්
ඇදෙමින් කිනිහිර හඩ ගෑය
පිටකොටුවේ
බැරි බර පිට අත ගෑය
දෑතේ සවිය
සුක්කානම මත පැටවේය
අවි අත
දරා සෙබලෙක් තම දිවි දේය
වඩු මඩුවේ
ලී කැටයම් හැඩ වේය
බේකරියේ
දහදිය ලුනු රස වේය
ඉලපත අතගත් වයසක තංගම්මා ය
A 3 නැතත්
මේ අප හැම මිනිසුන් ය
බදු ගෙවමින්
බඩට නොකා සිගනේය
ඒ බද්දෙන්
පර්මිට් එක ඉල්ලීය
අපෙ දොස්තරලා
මතු මත්තේ බුදු වේය
No comments:
Post a Comment