ඇඳුරුදුනි....
නොලද ඇගයුම් - ඉරුණු සිතුවම්
ගුරුන් පුද දී පලා යන්නම්
නොවම් මූසිල - හඟීම් ගුත්තිල
අඟුල්මල් නොව පලා යන්නම්
සුයුමැලි පහණක් හැඩ වෙනවා
යක් කටුවක් මොට වී යනවා
ලොවම නිවාලන මහා කුලුණු ගුණ
දෙතිස් ලකුණු මතු වී එනවා
සුවඳ මලින් ඉතිරී යනවා
සුගඳ මුවෙන් මුව පැතිරෙනවා
දෙනෝ දහක් අනිමිස ලොචන මැද
පරිවර සමිදුන් බැබළෙනවා
ගල් මිටි පහරක් හඬ දෙනවා
සඳ කැන් වැගිරී සේදෙනවා
පළුදුව අතරින් සැබෑ මෙතේ ගුණ
නොඅඩුව තවමත් විහිදෙනවා
සොනාර
No comments:
Post a Comment